මෙරට ආර්ථිකයට සෘජුව දායක වන මහා පරිමාණ ආයෝජන දිරිමත් කිරීමේ අරමුණින්, තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා වසර 10ක් දක්වා වූ බදු සහන ලබා දීමට රජය තීරණය කර ඇත. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ සම්බන්ධ අතිවිශේෂ ගැසට් නිවේදනය (2474/66) නිකුත් කර තිබේ.