සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට දින කිහිපයක් ඉතිරිව තිබියදී පහළ ගොස් තිබූ බිත්තරයක මිල යළි අසීමිතව ඉහල යමින් පවතිනවා.
දේශීය බිත්තරයක තොග මිල මේ වන විට රුපියල් 50කට ආසන්න මිලක පවතින අතර එහි සිල්ලර මිල රුපියල් 55කට ආසන්නව පවතින බවයි.
මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අලිවිස් කියා සිටියේ අතරමැදියන් විසින් මිල ඉහළ දැමීම සිදු කරන බවයි.
පසුගිය දිනවල ඉතා පහල මිලක පැවති එළවලු මිල අද දිනයේදි සුළු මට්ටමකින් ඉහල ගොස් තිබෙනවා.