ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම 2025 වසරේදී ප්‍රථම වරට ඇමරිකානු ඩොලර් බිලියන 1 සීමාව ඉක්මවා ගොස් තිබේ. වසර අවසාන වන විට මෙම ආදායම ඩොලර් බිලියන 1.2ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පෙන්වා දෙන්නේ මෙය 2024 වසරට සාපේක්ෂව 40%කට අධික දැවැන්ත වර්ධනයක් බවයි.