මේ වසරේ මුල් මාස හතර ත-ළ මෙරට අපනයන අංශයේ කැපී පෙනන වර්ධනයක් සිදුව තිබෙන බව මහබැංකුව පවසයි.
මහබැංකු වාර්තාවල දැක්වෙන පරිදි, වසරේ මුල් මාස හතර තුළ අපනය මගින් උපයා ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 5.583 කි.
එය පසුගිය වසරේ අදාල කාල සීමාව තුළ උපනයන මගින් උපයා තිබෙන ආදායම හා සසදා බැලීමේ දී 6.9% ක වර්ධනයකි.
අප්‍රේල් මාසයට අදාලව ගත් විට, මේ වසරේ අප්‍රේල් මාසයේ දී භාණ්ඩ හා සේවා යන දෙඅංශයෙන්ම උපයා ඇති අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1292.63 කි. එය පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සසදා බැලීමේ දී 8.74% ක වර්ධයකි.