ශ්‍රී ලංකාවේ අපනයන 2025 පළමු මාස 06 තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86කට ළඟා වී තිබෙනවා.
එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 6.7%ක වර්ධනයක්.
තවද 2024 වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 06 තුළ රුපියල් බිලියන 460 කින් රාජ්‍ය ආදායම වැඩි වී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසනවා.
ඒ අනුව මේ වසරේ මුල් මාස 06 තුළ රජයේ ආදායම රුපියල් බිලියන 2325ක් වනවා.
එය ඓMF අපේක්ෂා කළ රජයේ ආදායම සහ අයවැයෙන් අපේක්ෂා කළ රාජ්‍ය ආදායම ඉක්මවා යාමක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
මේ වසරේ මුල් මාස 06 තුළ උද්දමනය ද සැලකිය යුතු මට්ටමකින් පාලනය වී තිබෙන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.