අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 13 දක්වා තවදුරටත් ඉහළට

අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 03ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 134ක ආදායමක් උපයාගෙන ඇත.

අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පැවසුවේ, පසුගිය අප්‍රේල් 11,12 සහ 13 දිනවලදී පමණක් අධිවේගී මාර්ගයේ වාහන තුන්ලක්ෂ 87,000ක් ධාවනය කර ඇති බවයි.

පසුගිය දින 02ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් දසකෝටි 23 ලක්ෂ 78,800ක ආදායමක් උපයා තිබුණි.

පසුගිය 11 සහ 12 දිනවල අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහන 297,736කින් එම ආදායම උපයාගැනීමට හැකිව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *