මෙරට ප්‍රථම පෞද්ගලික ගුවන් සේවය ආරම්භ කරයි

මෙරට පළමු පෞද්ගලික හිමිකාරිත්වය සහිත ගුවන් සේවය එළැඹෙන 4 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සිට මැලේසියාවේ ක්වාලාලාම්පූර් බලා ප්‍රථමයෙන් මෙම ගුවන් සේවය ආරම්භ කිරීමට නියමිත ය.

ෆිට්ස් එයාර් නමින් ආරම්භ කර ඇති මෙම ගුවන් සේවය නිසා වෙළෙඳ කටයුතු හා සංචාරක ගුවන් ගමන් සඳහා වැඩි අවස්ථාවන් නිර්මාණය වන බව ෆිට්ස් එයාර් ගුවන් සේවය නිවේදනය කර ඇත.

ඊට අමතරව ගුවන් මගීන්ට දැරිය හැකි මිලකට මෙම ගුවන් සේවය ලබාගත හැකි බවද ෆිට්ස් එයාර් ගුවන් සමාගම නිවේදනය කර තිබේ.

මෙරට තුළ පෞද්ගලික ගුවන් සේවයක් ආරම්භ කරන බවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම ගුවන් සමාගම විසින් මැලේසියාවේ ක්වාලාලාම්පූර් වෙත ගොස් නැවත පැමිණෙන ටිකට්පතක් රුපියල් 65,300 සිට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *