ශ්‍රී ලංකාවේ විශා­ල­තම සූර්ය බල­ශක්ති උද්‍යා­නය හම්බ­න්තො­ට ඉදි කිරීම ආරම්භ කරයි

එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 150ක ආයෝ­ජ­න­ය­කින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදි­වන විශා­ල­තම සූර්ය බල­ශක්ති උද්‍යා­නය හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ ඉදි­කි­රී­මට කට­යුතු ආරම්භ කර තිබේ.

මෙගා­වොට් 150ක ධාරි­තා­ව­ය­කින් යුත් මෙම දැවැන්ත ව්‍යාපෘ­තියේ පළමු දාය­ක­ත්වය 2026 වස­රේදී ජාතික විදුලි පද්ධ­ති­යට එක් කිරී­මට නිය­මි­තය.

දැන­ට­මත් මෙගා­වොට් 50ක විදුලි ධාරි­තා­වක් ජාතික විදුලි පද්ධ­තිය ට එකතු කිරී­මට සමත්ව ඇති මෙම ව්‍යාපෘ­තිය මේ වසර අව­සා­නය වන විට අව­සන් කිරී­මට සැල­සුම් කර ඇත.

එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 150ක පෞද්ග­ලික ආයෝ­ජ­න­යක් ලෙස ක්‍රියා­ත්මක වන මෙම ව්‍යාපෘ­තිය, මෙරට පුන­ර්ජ­න­නීය බල­ශක්ති ඉති­හා­සයේ වික්ටෝ­රියා (මෙගා­වොට් 210) සහ ඉහළ කොත්මලේ (මෙගා­වොට් 150) ජල විදුලි බලා­ගා­ර­ව­ලට පම­ණක් දෙවැනි වන දැවැන්ත පිය­ව­රකි.

සුනිත්‍ය බල­ශක්ති අධි­කා­රිය සහ මහ­වැලි අධි­කා­රිය මඟින් ප්‍රකා­ශ­යට පත් කරන ලද පුන­ර්ජ­න­නීය බල­ශක්ති උද්‍යා­න­යක ඉදි­වන මෙම ව්‍යාපෘ­තිය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රති­පා­දන, විදේ­ශීය ඍජු ආයෝ­ජන (FDI), දේශීය බැංකු ණය සහ කොටස් ප්‍රාග්ධ­නය මඟින් දැන­ට­මත් සප­යා­ගෙන ඇත.

වාර්ෂි­කව නියං කාල­සී­මා­ව­න්හිදී දකුණු පළාත මුහුණ දෙන විදුලි කප්පා­දු­වට තිර­සර විස­ඳු­මක් ලෙස මෙම ව්‍යාපෘ­තිය ඉදි­රි­පත් කර ඇත. ව්‍යාපෘ­තිය සම්පූර්ණ වූ පසු දිවා කාල­යේදී මෙරට සමස්ත විදුලි අව­ශ්‍ය­තා­ව­යෙන් 20%ක් සපු­රා­ලී­මට අපේක්ෂා කෙරේ.

ලංකා විදු­ලි­බල මණ්ඩ­ලයේ ජාතික ජනන සැලැ­සු­මට අනුව ක්‍රියා­ත්මක වන මෙම ව්‍යාපෘ­තිය, ශ්‍රී ලංකාවේ නීති­මය රාමුව යටතේ අවශ්‍ය සිය­ලුම බල­පත්‍ර සහ අනු­මැ­තින් ලබා­ගත් ව්‍යාපෘ­ති­යක් බව 2025 පෙබ­ර­වාරි මාසයේ දී හම්බ­න්තොට දිස්ත්‍රික් සංව­ර්ධන කමි­ටුව විසින් නිල වශ­යෙන් තහ­වුරු කර ඇත.

මේ වන විට ව්‍යාපෘ­ති­යට අවශ්‍ය භූමිය සකස් කිරීම සහ සීමා ඉදි­කි­රීම් ඇතුළු මූලික මෙහෙ­යුම් කට­යුතු සාර්ථ­කව අව­සන් කර තිබේ .

අක්කර 500ක භූමි භාග­යක ඉදි­ක­රන මෙගා­වොට් 150ක සූර්ය බල උද්‍යා­නය නිසා විදුලි කප්පා­දු­වට තිර­සර විස­ඳු­මක් ලැබී­මට නිය­මිත බව ව්‍යාපෘති ඉංජි­නේරු තිලංක බණ්ඩාර මහතා පැවැ­සීය.

මෙම ව්‍යාපෘ­තිය මඟින් ප්‍රදේ­ශයේ නිපුණ ශ්‍රමි­ක­යන්, කාර්මික ශිල්පීන් සහ ඉංජි­නේ­රු­ව­රුන් සඳහා රැකියා අවස්ථා රාශි­යක් විවෘත වී ඇති අතර බල­ශක්ති ජන­න­යට අම­ත­රව, වල් අලින් ගම්වැ­දීම වැළැ­ක්වීම සඳහා සංවේදී භූමි ප්‍රදේශ විධි­මත් ලෙස කළ­ම­නා­ක­ර­ණය කර­මින් අලි ඇතුන් ජාතික උද්‍යාන කරා යොමු කිරී­ම­ටද මෙහි දී පරි­සර හිත­කාමී විස­ඳුම් ක්‍රියා­ත්මක කෙරේ .හරිත බල­ශ­ක්ති­යෙන් යුතු ශ්‍රී ලංකා­වක් උදෙසා තැබූ මෙම ඉදි­රි­ගාමී පිය­වර මෙරට සංව­ර්ධ­නයේ නව දිශා­න­ති­යක් වනු ඇතැයි වත්මන් රජය විශ්වා­සය පළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *