ශ්‍ර ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 8.50% සහ 9.50% ලෙස තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යෑමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කළ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම, 2024 අප්‍රේල් මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය USD බිලියන 5.5 දක්වා ඉහළ ගොස් ඇති බව පවසන මහ බැංකුව, 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියල USDට සාපේක්ෂව 8%ක පමණ සමස්ත අගයක් වාර්තා කර තිබෙන බව පවසනවා.