විදෙ­ස්ගත ශ්‍රමි­ක­ය­න්ගෙන් මෙර­ටට ලැබෙන ආදා­යම 20%කින් ඉහළට

පසු­ගිය වසරේ (2024) මුල් මාස නව­යට සාපේ­ක්ෂව මේ වසරේ එම කාල­යේදී විදේ­ශ­ගත ශ්‍රමි­ක­ය­න්ගෙන් මෙර­ටට ලැබෙන ආදා­යම 20%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පව­සයි.

වසර 2024 සැප්තැ­ම්බර් මාස­යේදී මෙර­ටට ලැබුණු එම ආදා­යම එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 556කි.

එය මේ වසරේ සැප්තැ­ම්බ­ර­යේදී එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 696ක් දක්වා ලක්ෂ්‍ය­මය පද­නම මත 20%කින් වැඩිවී ඇත.

වසර 2025 සැප්තැ­ම්බර් මාසයේ දී විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ මෑත මාස­වල දක්නට ලැබුණු ධනා­ත්මක ප්‍රව­ණ­තාව පවත්වා ගෙන ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පව­සයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *