විදේශ ගත ශ්‍රමිකයින් විසින් වසරේ මුල් මාස හතර තුළදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2 ක මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා.
පසුගිය වසරේ මුල් මාස හතර සමග සන්සන්දනය කර බලන විට එය සියයට 11.4කින් ඉහළ යාමක් බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.
අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 543.8ක් මෙරටට විදේශ ගත ශ්‍රමිකයින් විසින් යොමු කර තිබෙනවා.