මාර්තු මාසය අවසන් වෙන විට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 දක්වා වර්ධනය වී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (30) පැවැති අයි එම් එෆ් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡවකට එක් වෙමින්.
පුරෝකථනයන් අනුව එම නිල විදේශ සංචිත ලබන වසර වෙන විට බිලියන 07 ඉක්මවන බවයි ඔහු පවසා සිටියේ.
ඒ අනුව අයි එම් එෆ් වැඩසටහන සාර්ථකව ඉදිරියට යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ.