ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් තවත් භාණ්ඩ තීරුබදු රහිතව එක්සත් රාජධානියට ඇතුළු වීමට හැකියාව පවතින බව එක් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
ඒ එක්සත් රාජධානිය විසින් ප්‍රකාශයට පත් කර ඇති නව වෙළඳ පියවර අනුවයි.
ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වඩාත්ම වැදගත් ධනාත්මක වෙනස වන්නේ විශේෂයෙන් ඇඟලුම් අංශය සඳහා නීති ලිහිල් කර තිබීමයි.