පස්ස දොරෙන් රජයේ ලොකු පුටුවලට පත් වූ ලොක්කන් ඉවත් කිරීමට තීරණය කරයි

පසුගිය ආණ්ඩු සමයේදී වැරදි ආකාරයට පත්වීම් සහ උසස් වීම් ලබා මුල් පුටු හොබවන ඉහළ පෙළේ නිලධාරී නිලධාරිනියන් දස දෙනෙකු සම්බන්ධයෙන් සුදුසු නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

මින් සමහරුන් ස්ථාන මාරු කර යැවීමටද රජයේ අවධානය යොමුව ඇත.

මෙම දස දෙනාගෙන් සමහරුන්ට වාහන සහ මුදල් අවභාවිතාව සහ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම ඇතුළු විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා පවතින බව දැනගන්නට ඇත.

ඇතැම් නිලධාරිනියන් හිටපු නායකයන්ගේ ආශිර්වාදයෙන් ජ්‍යෙෂ්ඨතම නිලධාරීන්ද පසෙකට තල්ලු කර දමමින් ඉතා පහළම තනතුරුවල සිට එකවරම ඉහළට පැමිණි අය වන අතර ඔවුන්ගේ පරිපාලනය දැනුමද ඉතාම පහළ මට්ටමක පවතින බවට රජයට පෙනී ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *