අධිවේගී මාර්ගයේ විදුලි රැහන් කපලා ඉවරයි – STF දාන්න රජය තීන්දු කරයි

අධිවේගී මාර්ගයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සංචාරක මුර සේවයක් යෙදවීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් ජයකොඩි මහතා තීරණය කර තිබේ.

ඒ අනුව මීට අවශ්‍ය පියවර මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කඩිනමින් ගනු ලබන බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් කාලයක් පුරා සිදුකරමින් යන කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ විදුලි රැහැන් කැපීම පිළිබඳව අමාත්‍යාංශයට ලැබෙන පැමිණිලි සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත.

 අධ්වේග මාර්ගයේ විදුලි රැහැන් කපාගෙන ගිය අවස්ථාවලදී එම හොරුන්ට දඬුවම් කර කොපමණ අලුත්වැඩියාවන් කළත් නැවත නැවත එය ම සිදු වී ඇති අතර රාත්‍රී කාලයේ සිදුවන මෙම හොරකම් නිසා මාර්ගය භාවිත කරන අය ජීවිත අවදානමක් සහිත බියජනක බවකින් ද පෙළෙන බව සඳහන්ය.

එයට ද මෙම යෝජිත රාත්‍රී මුර සංචාරක සේවය පිළියමක් වන බවට මහාමාර්ග අමාත්‍යංශය විශ්වාසය පළ කරයි. එසේම මෙම මාර්ගයේ සිදුවන රිය අනතුරුවලදී ද ඒවා කඩිනමින් ඉවත් කර අවශ්‍ය සහාය ලබාදීමට එම බලකාය එකඟතාවය පළ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *