ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ මේ වර්ෂයේදී වාර්තා කර ඇති බවත් බහුවිධ කුසලතාවෙන් පිරිපුන් ශ්‍රමිකයකු නිර්මාණය කිරීමෙන් විශාල ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි බවත් කම්කරු ඇමැති හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
විදේශගතව මෙන්ම දේශීයවද රැකියා වෙළෙඳපොළේ හැම කෙනෙකුගේම ශ්රමයට ඉහළම වටිනාකමක් ලබාදෙන රැකියා සියයට සීයක් නිර්මාණය කිරීමට නොහැකි බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පසුගියදා පැවැති ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ (NILS) මගින් වාර්ෂිකව පවත්වන වෘත්තීය සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.