මෑතකදී විවාහ වන්නන් අතර දික්කසාද ඉහළ යාමක් දක්නට ලැබෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
2020 වසරේ සිට මෙම තත්ත්වය වැඩි වශයෙන් පෙන්නුම්කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
දිසා අධිකරණ මගින් ලබා දුන් දික්කසාද නඩු තීන්දු සලකා බැලීමේ දී මෑත කාලීනව විවාහ වන පිරිස් වසර දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ දික්කසාද වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීම් අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතීඥ ලක්ෂිකා ගනේපොල පැවසුවාය.
විශේෂයෙන් ද්වේෂ සහගත අත්හැරයාම් දික්කසාද වීම්වලට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව ඇය පෙන්වා දුන්නාය.