මහා පරිමාණ මෝල් හිමියන් කවර මිලකට වී මිලදී ගත්තත්, සහල් අලෙවි කළ යුත්තේ පාරිභෝගික සේවා අධිකාරිය ගැසට් කර තිබෙන උපරිම සිල්ලර මිලට යටත්ව බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
සහල් හෝ වෙනත් කිසිදු පාරිභෝගික භාණ්ඩයක් උපරිම මිලට වඩා ඉහළ මිලකට අලෙවි කිරීමට ඉඩ නොදෙන බව පවසන පාරිභෝගික සේවා අධිකාරිය, අඛණ්ඩව වැටලීම් සිදු කරන බවද නිවේදනය කර සිටියි.