රිලවු දූපතකට ගෙනයන්න අනුමැතිය හිමි වෙයි – නියමු ව්‍යාපෘති අරඹයි

රිලවුන් දූපතකට රැගෙන යාමේ වැඩසටහන සඳහා විශේෂඥ කමිටු අනුමැතිය ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසයි.

මෙය ද නියමු ව්‍යාපෘතියක් බවත් එහි හොඳ නරක තේරුම් ගත හැකි වන්නේ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව හේවාහැට ආසනයේ ගම් 15ක් පදනම් කරගෙන මෙම නියමු ව්‍යාපෘතිය නුදුරේදීම ක්‍රියාත්මක කරන බව ජගත් මනුවර්ණ ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවක දී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *