ශ්‍රි ලංකාව දැන් මසකට ඩොලර් මිලියන 800 කට වඩා ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරයෙන් උපයන බව නිල සංඛ්‍යා දත්ත අනූව පැහැදිලි වේ.
2024 ජනවාරි මාසයේදී විදෙස් ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයෙන් ඉපැයීම් ඩොලර් මිලියන 829 ක් වූ අතර එය 2023 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 600 ට සාපේක්ෂව 38% ක වැඩිවීමක් සහ 2022 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 411 ට සාපේක්ෂව 102% ක වැඩිවීමක් ද වේ.
