දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිලධාරීන් තිදෙනකුගෙන් එක් අයකු පත් කිරීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ සංජීව ධර්මරත්න යන නිලධාරීන් තිදෙනාගෙන් එක් නිලධාරියකු වැඩ බැලීම සඳහා පොලිස්පති ධුරයට පත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.
ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි වැඩ බලන පොලිස්පති ධුරය සඳහා සුදුසුම නිලධාරියා පත් කිරීමට නියමිතය.
පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනි ස්ථානයට පත්වූ නිලන්ත ජයවර්ධන මහතා පසුගියදා අනිවාර්ය නිවාඩු යවන ලදී.
ඒ අනුව මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින්නේ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාය.
ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනි ස්ථානයේ පසුවන ප්‍රියන්ත වීරසූරිය මහතා උතුරු මැද පළාත භාරව කටයුතු කරන අතර තුන්වැනි ස්ථානයේ පසුවන සංජීව ධර්මරත්න මහතා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කරයි.