ඉන්ධන සදහා බදු ඉදිරියේදී නිශ්චිත ලෙසම අඩු කරනවා – ඇමති නලින්ද ජයතිස්ස

ඉන්ධන සඳහා වන බදු අඩු කිරීමට නිශ්චිත ලෙසම කටයුතු කරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

මෙවර අයවැයෙන්ද ලබා දිය හැකි උපරිම සහන ප්‍රමාණයක් ජනතාවට ලබා දී ඇතැයිද ඔහු පවසයි.

අයවැයෙන් නව බදු කිසිවක් පනවා නැති බවත් පැවසූ ඔහු තෙල් සංස්ථාව අලාභ ලබන තත්ත්වයට පත්කළේ කෙසේද එකල සිටි ඇමැතිවරුන් එය අවභාවිතා කළේ කෙසේදැයි ඉදිරියේදී වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කල විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *