පාකිස්ථානය සමග ක්‍රීඩා කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර එක්දින තරගාවලිය පැවැත්වීම අවදානම් තත්වයකට පත්ව තිබෙනවා.

දෙරට අතර පළමු එක්දින තරගය ඊයේ දිනයේදී පැවත්වුණු අතර, රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයට කිලෝමීටර් 17ක පමණ නුදුරින් පිපිරීමක් වාර්තා වී තිබුනා.

එම පිපිරීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු පමණ මියගොස් තවත් 36 දෙනෙකු පමණ තුවාල ලබා තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පැවැති සාකච්ඡාවලදී පාකිස්ථාන ක්‍රිකට් බලධාරීන් සදහන් කොට ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම ආරක්ෂාව ලබාදෙන බවයි.

නමුත් එසේ තිබියදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තරගාවලිය ක්‍රීඩා කිරීමට අකමැත්ත පළකොට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

1996 වසරේදී ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරීම් වාර්තා වීම හේතුවෙන් කණ්ඩායම් ලෝක කුසලානයට එක්වීම ප්‍රතික්ෂේප කළ මොහොතේදී පවා පාකිස්තාන කණ්ඩායම මෙරට සංචාරයට එක්වුණා.

නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගාවලිය ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ පකිස්ථානය එළඹෙන විස්සයි විස්ස කුසලාන තරගාවලියට මෙරටට පැමිණීමද අවදානමකට ලක්ව ඇතැයි ආරංචිමාර්ග සදහන් කොට තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *