මැතිසබේ සේවක කෑම බිල තුන් ගුණයකින් වැඩි කරයි

පාර්ලිමේන්තු සාමාන්‍ය  සේවකයන්ගේ මාසික කෑම බිල තුන් ගුණයකට ආසන්න මුදලකින්  වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව තීරණය කර ඇත.

පාර්ලිමේන්තු  සේවකයන්ගේ මාසික කෑම බිල මෙතෙක් පැවතියේ රුපියල් 1000 ක්  වශයෙනි.

නව සංශෝධනය අනුව සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල රුපියල් 3600ක් දක්වා වැඩි වනු ඇත. එසේම පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ කෑම බිල රුපියල් 1500සිට 4000ක් දක්වා වැඩි කිරීමට කමිටුව තීරණය කර ඇත.

සේවකයන්ගෙන් ඉදිරිපත් වුණු යෝජනාවක් අනුව  මාසික කෑම බිල මෙසේ වැඩි කෙරුණු බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල වසර තුනකට වරක් සමාලෝචනයට ලක්කෙරේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික කෑම බිල රුපියල් 2000ක් දක්වා මෑතකදී වැඩි කෙරිණ. පාර්ලිමේන්තු ගෘහකාරක සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(21) දහවල් රැස්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයන්ගේ කෑම බිල සම්බන්ධයෙන් පසුගිය කාලයේදී විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *