රට ගිහිල්ලත් හමාරයි – පාස්පෝර්ට් ගාස්තුව හෙට සිට රුපියල් 10,000ක් දක්වා ඉහළට

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී සාමාන්‍ය සේවා සඳහා අයකරනු ලබන ගාස්තුව හෙට (01) සිට ක්‍රියාත්මකවන පරිදි 100%කින් ඉහළ දමා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලබන්නේ රු. 5000ක්ව පැවති ගාස්තුව රුපියල් 10,000ක් දක්වා ඉහළ දැමූ බවයි.

එමෙන්ම, මෙම ගාස්තු ඉහළ දැමීම මාර්ගගත සහ මාර්ගගත නොවන සේවාවන් දෙකම සඳහා වලංගුවන බවයි එම නිවේදනයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *