මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500 කට පමණ එරෙහිව විනය පියවර ගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
ඔහු පවසන්නේ මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් රැසක් සේවයෙන් ඉවත් කිරීමට ද පියවර ගෙන ඇති බවය.
අනුරාධපුර, ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති අධුනික පොලිස් නිලධාරීන් විසිරයෑමේ උත්සවයට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව කියා සිටියේය.
එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ පාතාලය, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා රජය වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇති බවය.