පාසල්වල මත්ද්‍රව්‍ය සෝදිසි කිරීම් සඳහා පොලිස් සුනඛයින් කැදවයි

පාසල් මට්ටමින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් හා සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහාය ලබාදීම තීරණය කර තිබේ.

ඒ අනුව, පොලිස් නිල සුනඛයින්ගේ සහය අවශ්‍ය වන්නේ නම් අදාළ පාසලේ විදුහල්පති හෝ විදුහල්පතිනිය විසින් ශ්‍රී ලංකා පොලීසියේ නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සමඟ සම්බන්ධවී අවශ්‍ය සහය ලබා ගැනීමට හැකියාව ඇති බව දැනුම් දී ඇත.

“රටම එකට” ජාතික මෙහෙවර සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන අතර මෙහි අරමුණ වනුයේ රට තුල ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය උවදුර මුලින් උපුටා දැමීම බව පොලීසිය පවසයි.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය ඍජු දායකත්වයක් දක්වන අතර පාසල් ළමුන් ඉලක්ක කරගෙන සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම මුලින් උපුටා දැමීම සඳහා සෑම අයුරින්ම පොලිසිය විසින් පාසල් කේන්ද්‍ර කරගනිමින් විවිධ වැඩසටහන් ආරම්භ කර ඇත.

තවද පාසල් මට්ටමින් ද විදුහල්පති, කාර්ය මණ්ඩලය විසින් විවිධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පාසල් තුල ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *