මත්ද්‍රව්‍ය ඡාවාරමට සම්බන්ධ පොලිස් නිළධාරීන් 100ක් අත්අඩංගුවට,සේවයෙන් ඉවත් කරනවා – පොලිස්පති කියයි

මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ව­ලට හෝ සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ව­ලට සම්බන්ධ පොලිස් නිල­ධා­රීන් සිටී නම් ඒ තොර­තුරු තමන්ට ලබා දෙන්නැයි පොලි­ස්පති, නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා පැව­සීය.

පොලි­ස්ප­ති­ව­රයා මේ බව පැව­සුවේ ගංජා ඇතුළු විස මත්ද්‍රව්‍ය සහ නීති විරෝධි මත්පැන් තුරන් කිරී­මට ඌව පළාතේ සිදු කරන මෙ‍ෙහ­යු­මට අදාළ සමා­ර­ම්භක උත්ස­වය පෙරේදා (14) තණ­ම­ල්විල මූල­ස්ථාන පොලිස් පරි­ශ්‍ර­යේදී පැවති අව­ස්ථා­වේ­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ පොලි­ස්ප­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“බල­පෑ­ම­කින් තොරව නිද­හසේ රාජ­කාරී කිරී­මට හැකි දේශ­පා­ලන වට­පි­ටා­වක් තිබෙන මේ කාල­යේත් මත්ද්‍රව්‍ය වැට­ලීම් කරන්න බැරි නම් එය පොලී­සියේ දුර්ව­ල­තා­වක්.

මේ මත්ද්‍රව්‍ය ව්‍යාපා­රයේ අස්සක් මුල්ලක් නෑර ජාවා­ර­ම්කා­ර­යන් පිරිලා ඉන්නවා. ඇතැම් රාජ්‍ය ආය­ත­න­වල වගේම පොලී­සි­යේත් ඉන්නවා. මීට දින කිහි­ප­ය­කට පෙර දින­කත් ග්‍රෑම් 700ක් එක්ක පොලී­සියේ කෙනෙක් අත්අ­ඩං­ගු­වට ගත්තා. පොලිස් නිල­ධා­රි­යෙක් කියලා නීතිය අඩු­වෙන් ක්‍රියා­ත්මක කරන්නේ නෑ. ඔවු­න්ටත් උප­රි­ම­යෙන් නීතිය ක්‍රියා­ත්මක කර­නවා. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස මේ ජාවා­ර­ම්ව­ලට සම්බන්ධ පොලිස් නිල­ධා­රීන් 100කට අධික ප්‍රමා­ණ­යක් මේ වෙන­කොට අත්අ­ඩං­ගු­වට අරන් තියෙ­නවා. ඒ අය සම්බ­න්ධ­යෙන් නීතිය තදින් ක්‍රියා­ත්මක වෙනවා වගේම ඔවුන් සේව­යෙන් ඉවත් කරන්න අවශ්‍ය කට­යුතු කර­නවා.

රාජ්‍ය සේවයේ තවත් නිල­ධා­රීන් කොට­සක්, ත්‍රිවිධ හමුදා නිල­ධා­රීන් කොට­සක් මේ ව්‍යාපා­රයේ ඉන්නවා. ඒත් එක්කම පොලී­සියේ මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැ­හිවූ යම් කොට­සක් හිටියා. ඒ කොටස සේව­යෙන් පහ­ක­රන්න අවශ්‍ය කට­යුතු කර­නවා. පොලී­සියේ අය කොච්චර අඩු වුණත් අපි ඒ කාර්යය කර­නවා. මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කා­ර­යෙක් පොලී­සියේ ඉන්න බෑ. මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූ පුද්ග­ල­යන් පොලී­සියේ ඉන්න බෑ. මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කා­ර­යන් එක්ක ඉන්න, ඔවුන් එක්ක සම්බ­න්ධ­කම් පව­ත්වන නිල­ධා­රීන් ඉන්නවා නම් ඒ තොර­තුරු මට දෙන්න. මම ඒ සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක වෙනවා. සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් හා මත්ද්‍රව්‍ය සම්බ­න්ධ­යෙන් තොර­තුරු ඇතොත් ඒවා මා වෙත ඍජු­වම දැනුම් දෙන්න. මම ඒ සඳහා වහාම ක්‍රියා­ත්මක වෙනවා. මගේ ජංගම දුර­ක­ත­නය පැය 24ම මහ­ජ­න­තා­වට විවෘ­තව තියෙ­නවා.

අපට ලැබී තියෙන බල­ත­ලත් එක්ක අතී­තයේ ඉඳන්ම මත්පැන් අල්ල­නවා. වෙනත් දූෂණ වැර­දි­ව­ලට සම්බන්ධ පුද්ග­ල­යන් අල්ල­නවා. හැබැයි මෙහෙම ඇල්ලුවා කියලා කිසිම දේක අඩු­වක් වෙලා නෑ. එන්න එන්න ඒවා වැඩි වුණා. මත්ද්‍රව්‍ය භාවි­තය නිසා ඇති වන සෞඛ්‍ය ගැට­ලු­ව­ලට වඩා ඒ හා බැඳුණු තවත් සමාජ ප්‍රශ්න මේ වන විට සමා­ජයේ නිර්මා­ණය වෙලා තියෙ­නවා. දව­ස­කට 09කට ආසන්න ප්‍රමා­ණ­යක් රිය අන­තු­රු­ව­ලින් මිය යනවා. සදා­කා­ලික අබ්බ­ගාත වන පිරි­සත් ඒ වගේ­මයි. මේ සිදු වන අන­තුරු පිළි­බ­ඳව අපි විශ්ලේ­ෂ­ණය කර බැලු­වාම අනා­ව­ර­ණය වුණේ රිය අන­තු­රු­ව­ලට මුහුණු දුන් බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය භාවි­තය නිසා මෙලෙස අන­තු­රු­ව­ලට ලක්ව ඇති බවයි. සමා­ජය තුළ ඉතා­මත් ව්‍යස­න­කාරී ලෙස පවුල් ආර­වුල් ඇතුළු සමාජ ප්‍රශ්න රැසක්ම නිර්මා­ණය වෙලා තියෙ­නවා. මේ ගමන යන්න සියලු දෙනා­ගේම සහාය අව­ශ්‍යයි. පොලී­සි­යට විත­රක් මේක තනි­යම කරන්න බෑ. අද ඌව පළාතේ ආරම්භ කරන මේ වැඩ­ස­ට­හ­නත් ජනා­ධි­ප­ති­ව­රයා ආරම්භ කළ ‘ඉව­ත්වෙනු’ වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව සිදු කර­න්නක්.

මත්ද්‍රව්‍ය ජාවා­රම් කරන පුද්ග­ල­යන් අල්ල­නවා වගේම ඇබ්බැහි වෙලා ඉන්න පිරිස් පුන­රු­ත්ථා­ප­නය කිරී­ම­ටත් අවශ්‍ය පිය­වර ගෙන තිබෙ­නවා. ඒ නිසා මහ­ජ­නයා විශ්වාස කරන පොලී­සි­යක් නිර්මා­ණය කිරීම අව­ශ්‍යයි. පසු­ගිය වස­රේදී හෙරො­යින් ටොන් 02ක්, අයිස් මත්ද්‍රව්‍ය ටොන් 04ක්, ගංජා ටොන් 15ක්, කොකේන්, මත් පෙති, මත් කරල් මිලි­යන 05ක් විතර අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා. මේවා සමාජ ගත වුණා නම් එයින් වෙන්න තිබූ ව්‍යස­නය හිතා­ග­න්න­වත් බෑ. මේ අපි අල්ලපු මත්ද්‍රව්‍ය අපි දන්නේ නෑ කොත­රම් ප්‍රමා­ණ­යක් සමා­ජ­ගත වෙලා ද කියලා. ඒ නිසා මේ තරම් නිද­හ­සක් තියෙන වට­පි­ටා­වක් තුළත් අපට මේ වැට­ලීම් කරන්න බැරි නම් ඒක පොලී­සියේ දුර්ව­ල­ක­මක්.”

මේ අව­ස්ථා­වට ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති මහේෂ් සේනා­රත්න, මොන­රා­ගල දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති නිහාල් තල්දූව මහ­ත්ව­රුන්, ඌව පළාත නියෝ­ජ­නය කරන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ව­රුන්, සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රුන්, පොලිස් ස්ථාන 48හි ස්ථානා­ධි­ප­ති­ව­රුන්, තණ­ම­ල්විල ප්‍රාදේ­ශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිල­ධා­රීහු එක්ව සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *