සිය සේවා කාලය තුළ ලබන වැටුප් හා දීමනා වැය නොකර ඉතිරි කර ගැනීමෙන් පවා ලබාගත නොහැකි දේපොලකට හිමිකම් කියන පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් මේ වනවිට විමර්ෂණ ආරම්භ කර තිබේ.
ඇතැම් නිළධාරීන්ගේ දේපල ඔවුන්ගේ සමීපතමයින්ගේ නම් වලින් බව ද දැනගන්නට ලැබී තිබේ.මේ පිටුපස ඇත්තේ අල්ලස,දූෂණය සහ වංචාව බව බුද්ධි අංශ නිළධාරීන් පවසා සිටියි.
මෙම දේපල රැස්කරගෙන තිබෙන්නේ ඉහළ පොලිස් නිළදාරීන්ට බව මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.ඇතැම් නිළධාරීන්ගේ නිවෙස් මාලිගා වැනි ඒවා බවත් එවැනි නිවාස වැටුපෙන් තනා ගැනීම සිහිනයක් බව බුද්ධි නිළධාරීන් වැඩිදුරටත් පවසයි.