ගෙදරින් එළියට ගියාම ඉන්න තැන සමාජ මාධ්‍යයේ දාන්න එපා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා පිටත්ව ගිය පසු තමන් ඉන්නා ස්ථානය සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

තමා පසුපස එන අපරාධකරුවන්ට මෙන්ම තමා සහ තමන්ගේ නිවස හෝ දේපළ පිළිබඳව විපරමින් සිටින පුද්ගලයින්ට එය වාසි සහගත විය හැකි බව ද ඒ මහතා කීය.

එසේම තමන් විනෝද චාරිකා සඳහා තෝරා ගන්නා බස් රථය හෝ වාහන මෙන්ම රියදුරු පිළිබඳ නිවැරදි අවබෝධයකින් සිටීම ද ඉතා වැදගත් බව ඒ මහතා කීය.

බත්තරමුල්ල, සුහුරුපාය පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාස ශ්‍රවණාගාරයේදී ඊයේ (11 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු එසේ කියා සිටියේය.

තවදුරටත් කතා කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද කීය.

අපි සියලු දෙනා උත්සව සමයකට ප්‍රවේශ වෙනවා. විනෝද චාරිකා, වන්දනාමාන, විවිධ චාරිකා සඳහා අපේ අම්මලා තාත්තලා දරුවන් සමග ගමෙන් පිටත් වෙනවා. එහෙම ගියාම ෆේස්බුක් හරහා ගමනාන්තයන් ගැන ඔබම දැනුවත් කරනවා. ඔබ දැන් ඉන්නෙ නුවරඑළියේ. නැතිනම් කතරගම වශයෙන්. ඔබම ජනතාව දැනුවත් කරනවා. මේක සුදුසු දෙයක් නොවෙයි. ඔබ පසුපසින් එන අපරාධකරුවකුට හුදෙක් වාසිසහගත වෙන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *