පාතාල ලොක්කන් 10ක් කොටු කරන ජාත්‍යන්තර මෙහෙයුමක් ශ්‍රි ලංකා පොලිසිය අරඹයි

මෙරටින් පැන සිටින දරුණු ගණයේ පාතාල නායකයන් 10 දෙනකු ඉක්මනින් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් ජාත්‍යන්තර මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෑතක ශ්‍රී ලංකාව තුළ සිදුවූ ඝාතන බොහොමයකට මොවුන් සහ එම කල්ලි ඍජුව සම්බන්ධ වී ඇති නිසා එම මෙහෙයුම් දියත් කර තිබේ. ඔවුන්ගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍ර සහ ව්‍යාජ ගුවන් බලපත්‍ර මේ වනවිට ලැබී ඇති බවත් ඒ හරහා ඔවුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔත්තුකරුවන් මාර්ගයෙන් ඔත්තු ලබා ගනිමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *