දේශ­පා­ල­ක­යන්ගේ පාතාල සබ­ඳතා හෙළි­වෙයි – විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි

පසු­ගිය කාල­යේදී අත්අ­ඩං­ගු­වට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් සහ ඊට සම්බන්ධ පිරි­ස­ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ පාතා­ලය හා සම්බන්ධ දේශ­පා­ල­ක­යන් ගැන තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති බවත් ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ක්‍රියා­ත්මක බවත් මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

ඉෂාරා සෙව්වන්දි මෙර­ටට ගෙනැ­විත් සිදු­කළේ මොන­වා­දැයි ඇතැ­මුන් විම­සන බවත් සිදු­ක­රන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනා­ව­ර­ණය වී ඇති තොර­තුරු සම්බ­න්ධ­යෙන් ගැඹුරු විම­ර්ශ­න­යක් සිදු­ක­රන බවත් ඒ මහතා පැව­සීය.

එමෙන්ම පසු­ගිය දින­වල අත්අ­ඩං­ගු­වට ගත් සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන්ට අම­ත­රව තවත් සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් 80කට රතු නිවේ­දන නිකුත් කර ඇති අතර, එම පිරිස අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා ජාත්‍ය­න්තර පොලී­සිය සමඟ එක්ව කට­යුතු කර­මින් සිටින බව ද අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා මේ බව සඳ­හන් කළේ එම අමා­ත්‍යාං­ශය පිළි­බඳ අය – වැය කාරක සභා අව­ස්ථාවේ විවා­ද­යට ඊයේ (18) එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා සඳ­හන් කළේ ඉන්දු­නී­සි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගත් සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් පිරි­ස­ගෙන් සිදු කළ ප්‍රශ්න කිරී­ම්ව­ලින් අගෝස්තු 30 වැනි­දා­යින් පසුව ටී 56 ගිනි­අවි 07ක්, ටී 81 ගිනි­අවි එකක්, පිස්තෝල 06ක්, රිවෝ­ල්වර 09ක්, වෙනත් අවි දෙකක් සහ උණ්ඩ 909ක් ද සොයා­ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *