මෙරට ජනහගහනයෙන් 26%ක් දුප්පත් වෙයි – දුප්පත්කම තවත් ඉහළට


2019 වසරේ සියයට 15ක්ව පැවති මෙරට දිළිඳු බව මේ වන විට සියයට 26 දක්වා වැඩි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

වෘත්තිය සමිති නායකයෙකු වන ලෙස්ලි දේවේන්ද්‍රගේ වෘත්තිය සමිති දිවියට 60 වසරක් පිරීම නිමිත්තෙන් කොලඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *