කොළඹ වරායෙන් ගොඩබාන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සහ ඊට ආසන්නයේම ඇති නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අතර සියයට 200ක පමණ පරතරයක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
එහෙත් එම තත්ත්වය පාලනයට වගකිව යුතු අංශ නිසි මැදිහත් වීමක් සිදු නොකරන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.