මෙරට තැපැල් සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 590 කට අධික වටිනාකමකින් යුත් ලොරි රථ 10 ක් සහ කෲ කැබ් 20 ක් මෙරට තැපැල් ප්‍රවාහන ජාලයට ලබාදීම සිදු කර තිබෙනවා.
එමෙන්ම, නියමු ව්‍යාපෘතියකට අනුව තැපැල් නිලධාරින්ගේ යතුරුපැදි සඳහා තැපැල් බහාලුම් පෙට්ටි (Bicycle Carriers) බෙදා දීම, මෙහෙයුම් පාලන ප්‍රතිචාර ඒකකය විවෘත කිරීම, තැපැල් කාර්යාලවල කාර්ය සාධනය ඉහළ නැංවීමේ අරමුණින් ඩෙස්ක්ටොප් පරිගණක, ලැප්ටොප් මෙන්ම ටැබ් යන්ත්‍ර බෙදා දීම ද එහිදී සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම ව්‍යාපෘතියට සමගාමීව තැපැල් මූලස්ථානය, මධ්‍යම තැපැල් හුවමාරුව සහ මඩකලපුව තැපැල් කාර්යාලයේ සූර්ය පැනල සවි කිරීම ද සිදු වන අතර, සමස්ත ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 849 ක් බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්නගේ සහභාගීත්වයෙන් මෙය පවත්වා තිබෙනවා.