මුද්දරයක මිලත් ඉහළට – තැපැල් මුද්දරයක අවම මිල රුපියල් 100ක් දක්වා ඉහළට

රුපියල් සියයක් දක්වා තැපැල් මුද්දරයක අවම මිල ඉහළ දැමීමට අනුමැතිය නුදුරේදීම ලැබෙනු ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දැනට ලිපියක් තැපැල් කිරීමට රුපියල් පනහක පවතින මිල රුපියල් සීයක් කිරීම මගින් තැපැල් දෙපාර්තමේන්තුවේ පාඩුව අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවය.

2023 වසරේදී පමණක් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන හතක පාඩුවක් ලබා ඇති බවද හෙතෙම කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *