ලබා ගෙන නොමැති විදුහල්පතිවරුන්ගේ වැටුප් වර්ධක හා උසස්වීම් අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. වැටුප් වර්ධක තාවකාලිකව නතර කරනු ලැබූ නිලධාරියකු තමාගේ II ශ්‍රේණියේ උසස්වීම් ලැබීමට නියමිත දිනට අදාළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව ලබාගැනීමට අපොහොසත් වූයේ නම් එම උසස්වීම ලැබීමට නියමිත දිනයේ සිට ප්‍රමාදවන කාලයට සමාන කාලයකින් එම උසස් වීම ප්‍රමාද කිරීමට කටයුතු කරන බව මීට අදාළව අමාත්‍යාංශය නිකුත් කර තිබෙන චක්‍රලේඛයේ සඳහන් වෙයි.
සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි විෂයයට අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍යයක් හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍ර ලේඛ අංක 08/2020 අනුව සුදුසුකම් සපුරා ඇති විදුහල්පතිවරුන්ට මෙම තීරණය අදාළ නොවන බව එම චක්‍රලේඛය මගින් සියලු පළාත් අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබ ඇත.
2008 වසරේ සිට ක්‍රියාත්මක ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නව සේවා ව්‍යවස්ථාව අනුව සියලු විදුහල්පතිවරුන් සන්ධාන භාෂාව වන ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව ලබා තිබීම අනිවාර්ය කොන්දේසියකි.