හදිසි අවස්ථාවක ඕනෑම මානුෂිය සහායන් දෙනවා – ශ්‍රි ලංකා රජය මැදපෙරදිග අරාබි රටවලට දැනුම් දෙයි

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී යුද වාතාවරණය හමුවේ ඕනෑම මොහොතක අවශ්‍ය මානුෂීය සහාය ලබාදීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ රටවල විදේශ අමාත්‍යවරුන් වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

පසුගිය පැය කිහිපය තුළ මැදපෙරදිග රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ දුරකථන සාකච්ඡාවල නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කර ඇත. විශේෂයෙන් ජෝර්දානය, බහරේනය, කුවේටය, ලෙබනනය සහ ඉරානය යන රටවල විදේශ අමාත්‍යවරුන් සමඟ අමාත්‍යවරයා මෙලෙස අදහස් හුවමාරු කරගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *