යුද්ධය දිගටම තිබුනොත් ඇමරිකාවෙන් සහ නයිජීරියාවෙන් බොරතෙල් ගේනවා – ඛනිජ තෙල් සංස්ථාව කියයි

යුද්ධය දිගටම තිබුණොත් ඇමරිකාවෙන් සහ නයිජීරියාවෙන් බොරතෙල් ගෙන්වන්නට කටයුතු කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා මාධ්‍ය හමුවකදීපැවසීය.

එම බොරතෙල් ලංකාවේ පිරිපහදු කිරීමට ඇති හැකියාව පිළිබඳ තහවුරු කර ඊට සූදානමින් සිටින හෙයින් ජනතාව කිසිසේත් අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි ද රාජකරුණා මහතා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *