පසුගිය වසරේ පෙබරවාරිය හා සසදා බැලීමේ දී මේ පෙබරවාරියේ විදේශ ප්‍රේෂණ ලැබීම් 16%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව, මේ පෙබරවාරියේ ලැබී තිබෙන විදේශ ප්‍රේෂණවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 476.2 කි.
එමෙන්ම සංචාරක පැමිණීම් හරහා රටට ලැබී ඇති ආදායම, මේ පෙබරවාරියේ ඇමරිකානු ඩොලර් මිලියන 345.7 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එය පසුගිය වසරේ පෙබරවාරි මාසය හා සසදා බැලීමේ දී 113.92% ක වර්ධනයකි.