සුනාමිය වෙලාවෙත් රටේ ලුණු හිඟයක් තිබුණේ නෑ – සංජීව එදිරිමාන්න

සුනාමි ඛේදවාචකය සිදු වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ලුණු ලේවායන් සියල්ලක්ම මහා මුහුදුට ගසාගෙන ගිය මොහොතේ හෝ ලුණු හිඟයක් ඇති නොවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඒ මහතා තවදුරටත් මෙසේ ද පැවසීය.

“වර්ෂාපතනය හේතුවෙන් ලුණු නිෂ්පාදනයේ යම්කිසි අඩාළ වීමක් සිදුවූවා නම් ආණ්ඩුවට පැහැදිලි ලෙසම නිෂ්පාදනයට සාපේක්ෂව ලුණු හිඟයක් දක්වා දුරදිග යෑම කළමනාකරණය කර ගැනීමට හැකියාව තිබිය යුතුයි.

මේ ආණ්ඩුවේ අකාර්යක්ෂම, අසමත්, අවිධිමත් පාලනයේ ස්වභාවය ගෙදර කුස්සියේ ලුණු පොල්කට්ට විසිනුත් දැන් තහවුරු කළ අවසන්. ආණ්ඩුව මේ වනවිට කියන කාරණාව තමයි හම්බන්තොට ප්‍රදේශයේ ගිය වසරවලට වඩා මේ වසරේ ලුණු නිෂ්පාදනයේ හිඟයක් ඇති වුණා කියලා. එක් අතකින් ආණ්ඩුවට ස්තූතිවන්ත වෙනවා රටේ ලුණු හිඟයට හේතුව හම්බන්තොට රාජපක්ෂලා නොකියා වැස්සට හරි කාරණාව බැර කිරීම ගැන.

සුනාමි ඛේදවාචකය අවස්ථාවේ ලංකාවේ ලුණු ලේවායන් සියල්ලක්ම මහා මුහුදුට ගහගෙන ගිහිල්ලත් මේ රටේ ලුණු හිඟයක් ඇති වුණේ නැහැ. ආණ්ඩුව ප්‍රකාශ කර සිටිනවා පවතින කාලගුණික තත්ත්වය මතයි මේ ප්‍රශ්නය ඇති වුණේ කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *