මෙරට ඉන්ධන අලෙවිය වාර්තාගත ලෙස ඉහළට යයි

පසුගිය දින කිහිපයේ ඉන්ධන අලෙවිය පහළ ගොස් තිබුණද වෙසක් සතිය ආරම්භ වීමත් සමග වාර්තාගත ලෙස ඉන්ධන අලෙවිය ඉහළ ගොස් ඇති බව ඉන්ධන බෙදුම්කරුවන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්ධන පරිභෝජනය මෙම දින කිහිපයේ ඉහළ යන බැවින් ඉන්ධන තොගද වෙනදාට වඩා ඇණවුම් කිරීමට පිරවුම්හල් හිමියන් කටයුතු කර ඇති බවය.

බෙදුම්කරුවන් පෙන්වා දෙන්නේ මෙම වසරේ ආරම්භයේ සිට ඉන්ධන අලෙවිය පවතින්නේ ඉතාමත් පහළ මට්ටමක බවය. යම්තාක් අලෙවියක් සිදුවූයේ සිංහල දෙමළ අලුත් අවුරුදු දින කිහිපයේ පමණක් බව ඔවුන් පවසයි.

එමෙන්ම ඉන්ධන බෙදුම්කරුවන් වැඩිදුරටත් පවසා සිටින්නේ වෙසක් අවසන් වීමෙන් පසු නැවත ඉන්ධන අලෙවිය පෙර ලෙසම පහළ යන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *