කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ආරම්භ කෙරුණු ශුක්‍රාණු ධාතු බැංකුවට මේ වන විට පරිත්‍යාගශීලීන් 40 දෙනෙකු ලියාපදිංචි වී ඇතැයි එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා කියා සිටී.
මේ අතර ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් විමසා දිනපතාම දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බවත්, ඔවුන්ට පිළිවෙලින් ඒ සඳහා අදාල දින ලබා දෙන බව අධ්යක්ෂවරයා පවසයි.
මෙරටදී ප්‍රථම වතාවට මෙවැනි ශුක්‍රාණු ධාතු බැංකුවක් ඉකුත් දෙසම්බර් 04 වැනිදා ද ආරම්භ කල බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.
මඳසරුභාවය හේතුවෙන් දරු ඵල නොමැතිව දුක් විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම මෙහි මූලික අරමුණයි.
ඒ අනුව ශුක්‍ර ධාතු ලබා දීම සඳහා ඉදිරිපත් වන පියවරුන් පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටිය යුතුයි.
මේ සඳහා දායක වීමට කැමතිනම් 0112 67 89 99 / 0112 67 22 16 යන දුරකථන අංක හරහා සම්බන්ධ විය හැකියි.