පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සිය තෙවැනි තරගයට මුහුණදීම සඳහා ෆ්ලොරීඩා වෙත පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සිය අවසන් තරගය වෙනුවෙන් ඊයේ (12වැනිදා) බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී ශාන්ත ලුසියා වෙත පිටත්ව යෑමට නියමිතව තිබුණිද ෆ්ලොරීඩා වෙත බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් සිය ගුවන්ගමන අතහැර තවදුරටත් ෆ්ලෝරීඩාහීම රැඳී සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.
ෆ්ලොරීඩා වෙත ඊයේ අළුයම සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව මේ වන විට අඛණ්ඩව පැය 36කට අධික කාලයක් ක්‍රියාත්මක වන අතර ඒ් හේතුවෙන් එම ප්‍රදේශයේ මාර්ගද ජලයෙන් යටව පවතී. මෙම කාලගුණ තත්ත්වය මත ෆ්ලොරීඩා හී ෆෝර්ට් ලෝඩර්ඩේල් ගුවන් තොටුපලේ සියළු ගුවන් ගමන් ඊයේ එරට වේලාවෙන් පෙරවරු 8.00 පමණ සිට නවතා දැමීමට සිදුවිය.
ශ්‍රී ලංකා කණ්ඩායම ශාන්ත ලුසියා වෙත රැගෙන යෑමට පැමිණි විශේෂයෙන් වෙන්කළ ගුවන් යානයද ලෝඩර්ඩේල් ගුවන්තොටට පැමිණ ඇතැයි වාර්තා වන අතර අධික වර්ෂාව හේතුවෙන් එය ගුවන් ගත කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටියි.
ඒ් අනුව කාලගුණ තත්ත්වය යහපත්වන තුරු ෆ්ලොරීඩාහී තවදුරටත් රැඳී සිටීම හැර අන් විකල්පයක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව නොමැති අතර කාලගුණ තත්ත්වය යහපත්වන තුරු සිය ගුවන් ගමන ප්‍රමාද කිරීමට ඔවුනට සිදුවනු ඇත. මේ අතර ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය නැරඹීමේ බලාපොරොත්තුවෙන් දුර බැහැර සිට එහි පැමිණ සිටින ශ්‍රී ලංකාවේ මෙන්ම නේපාලයේද ක්‍රිකට් ලෝලීන් මෙම කාලගුණ තත්ත්වයේ තවදුරටත් වින්දිතයන් බවට පත්ව ෆ්ලොරීඩා හී කොටුව සිටිනු දිස්වේ. මෙම වර්ෂාව හේතුවෙන් ඔවුන් නැරඹීමට පැමිණි තරගයද එකදු පන්දුවක් හෝ ක්‍රීඩා නොකර අතහැර දැමුණි.
ඉතින් අපේ කණ්ඩායමට තවත් හොදයි නේ.නිවාඩු ගත කරන්න ගිය දවස් ගණන තවත් දික් උනා. හැපි හොලිඩේ චූන්