අඛණ්ඩව 04 වෙනි මාසේටත් ලංකාවට ලක්ෂ 02 ඉක්මවා සංචාරකයින් එයි

2024 මාර්තු මාස‌ය තුළ දී විදෙස් සංචාරකයින් 209,181ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව 2023 දෙසැම්බර් මාසයේ සිට මාසිකව දෙලක්ෂයක් ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි අඛණ්ඩ සිව්වැනි මාසය ලෙසින් පසුගිය මාර්තු මාසය දැක්විය හැකිය.

2024 මාර්තු මාසයේ පැමිණ ඇති මෙම සංචාරකයින් සංඛ්‍යාවත් සමඟම මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 635,784 ක් ලෙසින් සටහන්ව ඇත.

මාර්තු මාසය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 15% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 31,853 කි.

මීට අමතරව රුසියාවෙන් සංචාරකයින් 28,016ක්, එක්සත් රාජධානියෙන් 21,540ක් සහ ජර්මනියෙන් 18,324ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

image 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *