සංචාරක කර්මාන්තයෙන් ලංකාව හොයන ආදායම 86%ක් දක්වා වේගයෙන් ඉහළට

024 මැයි මාසය තුළ දී සංචාරක කර්මාන්තය හරහා ශ්‍රී ලංකාව උපයා ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 154 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී.

ඒ අනුව 2024 වසරේ මුල් මාස 05 තුළ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,405.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය 2023 වසරේ මුල් මාස 05 හි සංචාරක ඉපැයීම් වටිනාකම් වූ ඩොලර් මිලියින 752.1 හා සැසඳීමේ දී 86.9% ක කැපීපෙනෙන ඉහළ යාමකි.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටින්නේ 2024 වසරේ ජූනි 05 දින දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ගණන 912,445 ක් බවයි.

WEI 20240607 e 1 14 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *