2024 මැයි මාසයේ පළමු දින 26 තුළ දී විදෙස් සංචාරකයින් 96,890 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 881,541 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මැයි මාසයේ පළමු දින 26 තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 28.1% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 27,274 කි.
මීට අමතරව මාලදිවයිනෙන් 7,620 ක්, ජර්මනියෙන් 6,938 ක් සහ එක්සත් රාජධානියෙන් 6,935 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

