මැයි මාසයෙත් වාර්තාගත ලෙස සංචාරකයින් 112,000 ක් ලංකාවට එයි

2024 මැයි මාසයේ දී විදෙස් සංචාරකයින් 112,128 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 896,779 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මැයි මාසයේ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 28.8% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 32,254 කි.

මීට අමතරව එක්සත් රාජධානියෙන් 8,094 ක්, මාලදිවයිනෙන් 8,040 ක්, චීනයෙන් 7,511 ක් සහ ජර්මනියෙන් 7,495 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

WeeklyReport01 31 May 2024 2 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *