මාර්තු මස පළමු දින 13 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 97,000 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම තාවකාලික දත්ත පෙන්වයි.
ඒ අනුව, මාර්තු මස සඳහා සංචාරකයින් 100,000 සීමාව ඊයේ ඉක්මවා ඇත.
ශ්‍රි ලංකාව මේ වන විට ජාත්‍යන්තර සංචාරකයින් 97,232 දෙනෙකු පිළිගෙන ඇති අතර, එය පසුගිය වසරේ එම කාලය තුළ පැමිණි 84,755 දෙනාට සාපේක්ෂව 14.72% ක වර්ධනයක් සනිටුහන් කරයි.
මාර්තු මස සඳහා දෛනික පැමිණීමේ සාමාන්‍යය දැනට දිනකට සංචාරකයින් 7,480 ක් ලෙස පවතී.
මේ අනූව 2025 වසරේ ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 06 ඉක්මවා ගොස් තිබේ.