ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වාර්තාගත ලෙස ලක්ෂ 07 ඉක්මවා යයි

2024 අප්‍රේල් පළමු දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 82,531 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 718,315 ක් දක්වා ඉහළ ගොස් ඇත.අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 17% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 14,207ක්.මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 9,095ක්, රුසියාවෙන් 8,508ක් සහ ජර්මනියෙන් 6,489ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.Weekly Report April 1 to 15 1 2 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *